මුහුද රළු වෙයි – ධීවර හා නාවික කටයුතු ප්‍රවේශමෙන්

Share

බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය අද රාත්‍රියේ සිට 23 වන දින දක්වා තරමක් රළු (මුහුදු රළ මී. 2-3 ක් පමණ ඉහළ යාහැකි බැවින්) විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරය සිට පුත්තලම හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හමයි.

සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වනු ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read more

Local News