සෞඛ්‍ය අැමති ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවට සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යයි

Share

කියුබාවේ අවානා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවකට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙරේදා (21) දින රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.
 
කියුබාවේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුලුව අද (23) සිට (27) දින දක්වා කියුබාවේ අවානා නුවර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී පැවැත්වෙයි.
මෙම සමුලුවට සහභාගිවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට විශේෂ ආරාධනාවක් සිදු කරනු ලැබුයේ ශ්‍රී ලංකාවේ සිටින කියුබාවේ තානාපතිනිය වන Jauna Elena Rodrigues මහත්මිය  විසිනි.
රටවල් 42 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රටවල් 82 ක් නියෝජනය කරමින් 3000 කට අධික සෞඛ්‍ය බලධාරීන් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
ගෝලීය සෞඛ්‍ය අභියෝග සහ නව ප්‍රවණතා පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. විද්‍යාත්මක සැසිවාරවල දී අනාගත සෞඛ්‍ය අභියෝග පිළිබදව ද, සෞඛ්‍ය සේවාවේ ආරක්ෂිතභාවය පිළිබදව ද නව රෝග, තිරසර සෞඛ්‍ය පද්ධති‍, වෛද්‍ය අධ්‍යාපනය, ප්‍රථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය කිරීම පිළිබදව අවධානය යොමු කිරීමට නියමිතයව ඇත.
ශ්‍රී ලංකාව විශ්වීය සෞඛ්‍ය ආවරණය යටතේ තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙහිදී විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.
තව ද කියුබාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කර ගැනීම පිළිබදව දෙරට අතර සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

Read more

Local News