ලෝකයේ වයස්ගතම පුද්ගලයා මියයයි – වයස අවුරුදු 117 යි

Share

ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපානයේ නබී ටජීමා මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 117 දීය.

ටජීමා ජපානයේ කිකායි නගරයේදී 1900 වසරේ අගෝස්තු මස 04 වන දින උපත ලබා ඇත.

ගිනස් ලෝක වාර්තා පොතට වයස්ගතම පුද්ගලයා ලෙස ඇය එක් වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 18 වනදා ය. ඒ මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන් මිය යාමෙන් පසුවය.

මේ අතර ලොව වයස් ගතම පිරිම පුද්ගලයා ද වාර්තා වන්නේ ජපානයෙනි. මේ වන විට 112 වැනි වියෙහි පසුවන මසාඔ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට එක්ව තිබේ.

Read more

Local News