පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට සැලසුම්

Share

ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියට බඳවාගැනීම සඳහා පැවති විවෘත තරඟ විභාගයෙන් සමත් වූ 24 දෙනෙකුට පත්වීම් ලිපි සහ සුදුසුකම් සම්පූර්ණ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 පන්තියේ නිලධාරීන් 263 දෙනෙකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලිපි ප්‍රදානය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (23) පැවැති අතර ඊට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ,

සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු – හිඟය පියවන්න ගුරු සංචිතයක් පිහිටුවන්න අධ්‍යාපන ඇමතිවරයාගෙන් සැලසුම් සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බැවින් එම කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට සැලසුම් කෙරේ.

Read more

Local News