මනෝ වෛද්‍ය පිල් ජනුසේගේ සේවය ලබන මස සිට නැවතත් ක්‍රිකට් කණ්ඩායමට

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ යෝජනාවක් පසුගිය ජනවාරියේදී මෙරටට පැමිණ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට දින දහයක වැඩමුළුවක් පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මනෝ වෛද්‍ය විශේෂඥවරයකු වන පිල් ජනුසේගේ ලබන මස මුලදී නැවත පැමිණීමට නියමිතය.

ජොන්සි මහතා නැවත මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වරින් වර සිය දායකත්වය ලබාදීමට ක්‍රිකට් ආයතනය සමග ඇතිකර ගත් එකඟතාවට අනුවය. ලබන මස 5 වැනිදා සිට 23 දක්වා කාලය තුළ ඔහු ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් සමග වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ තලයකට නැංවීමට මෙවර කටයුතු කරනු ඇත.

Read more

Local News