පාලාවියේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට – 6ක් රෝහලට

30

පාලාවිය වන්නිතිව්ව ප්‍රදේශයේ අද (25) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් හය දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මෙසේ අනතුරට ලක්වී ඇත්තේ පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදංචි කරුවන් පිරිසක් ගමන් කළ වැන් රථයකි.

කොළඹ දෙසින් පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථය කොළඹ දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.