රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජංගම සේවා රැසක්

Share

කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානය මුලික කරගෙන පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව විවිධ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ඊට සමගාමිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි පසුගිය දිනවල ජංගම සේවා රැසක් පැවැත්විණි.

මේ මගින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන්, වෛද්‍ය සායන (ආයුර්වේද, අක්ෂි, දන්ත, වකුගඩු, තැලසීමියා රෝග) වයෝවෘද්ධ තපෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා සඳහා උපහාර දැක්වීම්, වසර 30 කට වඩා වැඩි සේවා කාලයකින් යුක්ත දහම්පාසල් ගුරු භවතුන්ට උපහාර දැක්වීම ආදිය ක්‍රියාත්මක විය.

මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු. 2,000,000/- ක් බව ද බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

Read more

Local News