දකුණු ආසියානු ජූඩෝ තරඟාවලියෙන් ශ්‍රී ලංකා පොලිසියට ජයග්‍රහණ දෙකක්

Share

දකුණු ආසියානු ජූඩෝ සංගමය විසින් 08 වැනි වරට සංවිධානය කරන ලද 2018 දකුණු ආසියානු ජූඩෝ තරඟාවලිය 19 වන දා සිට 24 වන දින දක්වා නේපාලයේ ලලිත්පුර් නුවරදී පැවත්විණි.

මෙම තරඟාවලිය සඳහා රටවල් 05ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 155ක් සහභාගී විය.

මෙහිදි ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සහභාගි වු කාන්තා පොලිස් කොස්තාපල් 4995 කරුණාරත්න සහ කාන්තා පොලිස් කොස්තාපල් 9014 ජයරත්න යන ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා පොලීසියට ඉමහත් කීර්තියක් අත්කර දීමට සමත් විය.

Read more

Local News