දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කෙරේ

Share

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා දිවයිනේ ක්‍රියාත්මක සියලුම දන්සැල් පරික්ෂා කිරීමට කටයුතු කරන බවයි.

විශේෂයෙන් ජනතාව ලබාගන්නා ආහාරයක් විෂ වීමෙන් සිදුවන රෝගී තත්ත්වයෙන් ජනතාව වළක්වාගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කෙරෙන නමුත් කිසිම ලෙසක දන්සැල් දීම අධෛර්යමත් කිරීමක් නොවන බවත් උපුල් රෝහණ මහතා පැවසීය.

ඉදිරි දිනවල දී ක්‍රියාත්මක කෙරෙන සියලු දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදු කරනු ලබනවා. ලබාදෙන උපදෙස් පිළිනොපදින දන්සැල් සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට හා නීතිමය කටයුතු කිරීමට සිදු වෙනවා. එබැවින් මහජන සෞඛ්‍යයට හිතකර ලෙස දන්සැල් පවත්වාගෙන යන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News