විසිතුරු මසුන් අපනයන රටවල් අතර ශ්‍රී ලංකාවට 12වන ස්ථානය

Share

නාරා ආයතනය පැවසුවේ ආයතනය පැවසුවේ, විසිතුරු මත්ස්‍ය අපනයනය සිදු කරන රටවල් අතර මේ වනවිට 12 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි.
නාරා ආයතනයේ මාධ්‍ය හා ව්‍යාපෘති නිලධාරී තරංග බුද්ධික මහතා සඳහන් කළේ මේ අනුව ලෝක විසිතුරු මත්ස්‍ය ඉල්ලුමෙන් 3%ක් මේ වනවිට ලංකාව විසින් ලබාදෙන බවත්, මෙම තත්ත්වය තවත් වර්ධනය කිරීම සඳහා විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.
මේ මස 11 වැනිදා සිට සති අන්තයේ දින තුන බැගින් නව පුහුණු වැඩමුළු පවත්වන බවද, ස්වාභාවිකව අභිජනනය කළ නොහැකි විසිතුරු මත්ස්‍ය විශේෂ කිහිපයක් නව තාක්ෂණය යොදාගෙන අභිජනනය කර තිබෙන බවත්, මෙම දැනුම පවා ජනතාවට ලබාගත හැකි බවත් ඔහු පවසා සිටියේය.

Read more

Local News