වැල්ලවාය තණමල්විල ප‍්‍රධාන මාර්ගයේ අනතුරකින් යතුරුපැදිකරු මරුට

Share

වැල්ලවාය තණමල්විල ප‍්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ගංගාරාම පිරිවෙන අසලදී අද (3) අලූයම වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් තරුණයකු මිය ගොස් ඇති බව වැල්ලවාය පොලීසිය පවසයි.

වැල්ලවාය ප‍්‍රදේශයේ සිට තණමල්විල ප‍්‍රදේශයට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් සහ තණමල්විල ප‍්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරින් අවුරුදු 25 ක් වයසැති යතුරුපැදිකරු මිය ගොස් තිබේ.

Read more

Local News