ඉන්දියාවේ විවාහ මංගල උත්සවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් මනාලයා මරුට

Share

ඉන්දියාවේ විවාහ මංගල උත්සවයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් මනාලය ජීවිතක්‍ෂයට පත්වීමේ පුවතක් මේ දිනවල  වාර්තා වේ.
මෙම වෙඩි තැබීමේදී ඉලක්කය වී ඇත්තේ මංගල උත්සවයේ මනාලයා බව සදහන් වෙයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ලඛේම්පූර් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මනාලයා වූ සුනිල් වර්මා නැමැති 25 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මංගල උත්සවයට සහභාගී වී ඔහු අසලම සිටි අයෙක් මෙම වෙඩි තැබීම සිදුකර අයුරු වීඩියෝ දර්ශන වල දක්නට ලැබේ.
අත්වැරදීමෙන් මෙම වෙඩි වැදීම සිදුවූවාද, නැතිනම් හිතාමතා මෙම වෙඩි තැබීම සිදුකළා ද යන්න බවට සැකයක් පවති.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පරීක්ෂණ ආරම්භකර ඇත.

Read more

Local News