උතුරු ඉන්දියාවේ දූවිලි කුණාටුවක් හේතුවෙන් 100කට අාසන්න ප්‍රමාණයක් මරුට

Share

උතුරු ඉන්දියාවේ රාජස්ථාන් හා උත්තර් ප්‍රදේශ් හරහා හමා ගිය ප්‍රචණ්ඩ දූවිලි කුණාටුවක් හේතුවෙන් 100 දෙනෙකුට අාසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදුලි කණු, ගොඩනැගිලි හා ගස් කඩාවැටීම හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති අතර මෙය ඊයේ (02) රාත්‍රී කාලයේ සිදුවීම නිසා අනතුරුදායක තත්ත්වය වැඩිවී ඇති බව බලධාරීහු පවසති.

ග්‍රීෂ්ම සෘතුවේ මෙම ප්‍රදේශ වල දැඩි උණුසුම් කාළගුණික තත්ත්වයක් පවතින අතර සාමාන්‍යයෙන් දූවිලි කුණාටු පැවතියද මෙතරම් මරණ සංඛ්‍යාවක් මීට පෙර වාර්තා නොවූ බව බලධාරීහු පවසති.

Read more

Local News