ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Share

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී.දිසානායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නිලධාරින්ගේ සේවය වහාම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කරයි.

Read more

Local News