එල්.ටී.ටී..ඊ සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් මුලතිව් ප්‍රදේශයෙන්

Share

එල්.ටී.ටී..ඊ සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් මුලතිව් විශ්වමඩු, ඉලන්ගෝපුරම් ප්‍රදේශයේ තිබී සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

පොලීසිය පැවසුවේ ඊයේ (03දා) ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග සිදුකළ මෙහෙයුමක දී අදාළ යුද අවි හා පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි.

මෙසේ සොයාගත් යුද උපකරණ අතර මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 736ක්, එම්75 වර්ගයේ අත්බෝම්බ 06ක්, ටී82 වර්ගයේ අත්බෝම්බයක්, ආර්.පී.ජී.ගිනිඅවි දෙකක්, ටී56 ගිනිඅවි කොටස් කිහිපයක්, ගුවන් යානා නාශක උණ්ඩ 80ක් සහටැමිල් ගුණ්ඩු අත්බෝම්බයක් වන බවද පොලීසිය සඳහන් කළේය.

Read more

Local News