ජනපති පුටින්ට ඇමරිකානු ජනපතිගෙන් සුබ පැතුම්

Share

සිව් වන වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක් කර තිබේ.

ඉදිරියේදී රුසියාව සමඟ යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකි වනු ඇති බවට ජනපති ට්‍රම්ප් එහිදී විශ්වාසය පළ කළ බව වාර්තා වෙයි.

රුසියානු ජනාධිපති පුටින් වෙත සුබ පැතුම් එක් කරමින් ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සියල්ලන්ට සාමකාමී ලෙස රැස්වීමට සහ හඬ නැගීමට අයිතියක් ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වාසය බවයි.

Read more

Local News