රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්වර්ණාභරණ රැගෙන අා කාන්තාවක් අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අද (9) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසිනි.

ඇය රැගෙන ආ ගමන් බෑගයේ මාල, වළලු, කරාබු, මුදු, අත් පළදනා ඇතුළු ග්‍රෑම් 432 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන තිබී අැත.

ඇය මීගමුව, කොච්චිකඩේ, පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.

Read more

Local News