අගමැති සහ සර්බියානු විදේශ අැමති අතර සාකච්ඡාවක් – ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා වර්ධනයට පියවර

Share

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සර්බියානු විදේශ අමාත්‍ය අයිවිකා ඩැසික් මහතා අතර කොළඹ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවත්විණි.

මෙහිදී අවධාරණය කෙරුණේ සර්බියාව ඇතුළු පැරණි යුගෝස්ලාවියාවට අයත් රාජ්‍යයන් සමග යළි අතීත මිතුදම් මුවහත් කර ගැනීමට කාලය පැමිණ ඇති බවයි.

නොබැදි ජාතීන් වශයෙන් යුගෝස්ලාවියානු හිටපු ජනාධිපති ටිටෝ මහතා සහ ශ්‍රී ලංකාව අතර සුවිශේෂී සබඳතාවන් ගොඩනැගී තිබුණු බව සිහිපත් කෙරුණු අතර, පැරණි යුගෝස්ලාවියාවට අයත් රාජ්‍යයක් වශයෙන් සර්බියාව ඒ සබඳතා යළි ශක්තිමත් කරලීමේ අපේක්‍ෂාවෙන් සිටින බව ඩැසික් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශක්තිමත් කරලීමේ වැදගත් කම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධානය යොමු කළේය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ ද සබඳතා වර්ධනය කිරීමේ අවශ්‍යතාව සහ අවකාශය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි. මේ අනුව නුදුරු අනාගතයේ දී සර්බියානු ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයක් ද සංවිධානය කෙරෙණු ඇත.

Read more

Local News