යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටී පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල

Share

මඩකලපුව – වාලච්චේන ප්‍රධාන මාර්ගයේ එරාවුර්, මයිලම්බාවේලි ප්‍රදේශයේදී ඊයේ (09) යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුවිය.

මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා අැති බව එරාවුර් පොලීසිය පවසයි.

මඩකලපුව දෙසට ධාවනය වී අැති යතුරුපැදිය එම දෙසටම ගමන්ගත් පාපැදියක ගැටී මෙම අනතුර සිදු වී අැත.

තුවාලකරුවන් මඩකලපුව ශික්ෂණ රෝහලට අැතුළත් කර අැත.

Read more

Local News