අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර තිබෙනවා – රංජිත් මද්දුම බණ්ඩාර මහතා

Share

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමින් නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ,

මේ රටේ 62 ලක්ෂයක් ඡන්දය දුන්නේ හොරකම නවත්වන්න. පොලීසිය ස්වාධීන පරීක්ෂණ කරලා, නඩු පවරා තිබෙනවා. පරීක්ෂණ විශාල ප්‍රමණයක් නීතිපති උපදෙස් පතලා තිබෙනවා. දේශපාලන වාසි ගන්න කාටවත් ගහන්න කටයුතුකර නෑ. විශේෂ අධිකරණ පවත්වන්නේ මේවා ප්‍රමාද නිසයි. අධිකරණ ක්‍රියාවලිය තුළ ප්‍රමාදයක් තිබෙනවා. මේවා කඩිනම් කිරීම කවුරු හෝ කරන්න ඕන.

නිර්දෝශීභාවය ඔප්පු කරන්න මේවා කඩිනම් කරන්න ඕන. වැරදි කරුවන්ට ඉක්මනින් දඬුවම් කරන්න ඕන. ආණ්ඩුවට කාගෙන්වත් පළිගන්න අවශ්‍ය නෑ. පසුගිය කාලයේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියෙක් අත්අඩංගුවට බැරි තත්ත්වයක් තිබුණේ. ඒ ස්වාධීනත්වය අද තිබෙනවා. බැදුම්කර සිද්ධිය ප්‍රසිද්ධියේ විභාග කර තිබෙනවා. එදා තමයි අධිකරණය දූෂණය කළේ. ස්වධීන අධිකරණ කොමිෂන්සභා පිහිටුවා අධිකරණයට බලය ලබාදී තිබෙනවා. එදා නීතිය වසා දමා තිබුණා.

අපේ රජය සාධරණව කටයුතු කර තිබෙනවා. ලෝකය පුරා අල්ලසට දූෂණයට විරුද්ධව රැල්ලක් ඇති වී තිබෙනවා. මේ රටේ ජනතාවට ඡන්දය දුන්නේ, අල්ලසට දූෂණයට හා අවනීතියට එරෙහිවයි. ඒ සඳහා කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න. නීතියට අවනත වෙන්න. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර තිබෙනවා. වැරදි කරුවන් ඇතුළට යවා නිවැරැදිකරුවන් නිදහස් කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News