ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය 2018 අද (10) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඒ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ එමෙන්ම එය වර්තමානයේ පවතින ආකාරයට ක‍්‍රමවත්ව හා විද්‍යාත්මක පදනමකින් ලොව පුරා ස්ථාපිත කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් ෆ්ලොරන්ස් නයිටිංගේල්ගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය සැමරෙන අතර ශ‍්‍රී ලංකාවේ හෙද හෙදියන් විසින් ද එය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.

‘සෞඛ්‍ය සේවය මානව අයිතියකි’ තේමාව යටතේ හෙද හෙදියන් 2500 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර සැමරුම් උත්සවය පැවැත්විණි.

Read more

Local News