තක්ෂිලා නුවර සර්වඥධාතූන් ධාතූන් වහන්සේ රැගත් රථ පෙරහැර අද මහනුවරට

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි බුද්ධ රශ්මි ජාතික වෙසක් මංග්‍යයට සමගාමීව පකිස්ථානු රජය මගින් ලබාදුන් තක්ෂිලා නුවරින් වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේ රැගත් රථ පෙරහැර අද (11) මහනුවරට වැඩම කිරීමට නියමිතයි.

අනුරාධපුරයේ සිට රථ පෙරහැරකින් වැඩම කරවන මෙම ධාතූන් වන්සේලා හෙට පෙරවරුවේදී මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානය වෙත ලගා වීමට නියමිතය.

ඒ අනුව  පෙ.ව. 10.00 සිට පසුදින පෙ.ව. 6.00 දක්වා කාලය තුළ ප්‍රදේශවාසීන්ට ධාතූන් වහන්සේලා වැදපුදා ගැනීමට හැකියාව තිබේ.

අද දින පෙරවරුවේදී මහනුවර අඹන්වෙල පුරාණ විහාරය වෙත වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා එදින පෙ.ව. 10.00 සිට පසුදින (12) පෙ.ව. 5.00 දක්වා එම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

මහනුවර සිට සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රථ පෙරහැර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතය.

Read more

Local News