ඉන්දීය සාමසාධක හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

Share

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති තුමන්ගේ ආරාධනයකට අනුව මැයි මස 13 සිට 18 දක්වා සත්දින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා ඉන්දීය සාමසාධක හමුදාවේ දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් ඉදිකර ඇති බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත ඊයේ (14) දින පුෂ්පෝපහාර දැක්වීය.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් මහතා විසින් එහි සපැමිණි ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් මහතා පිළිගෙන විශේෂ පීඨීකාව වෙත රැගෙන යන අතරතුර ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා චාරිත්‍ර ආරම්භ කිරීම සඳහා සූදානම්ව සිටියහ.

අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සෙබලුන්ගේ ගෞරව මධ්‍යයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ සටන්වලදි ශ්‍රී ලංකාවේ දී ජීවිත පරිත්‍යාග කළ ඉන්දීය රණවිරුවන් සිහිකරමින් ජෙනරාල් බිෆින් රාවට් මහතා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදි.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන හමුදා තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

Read more

Local News