හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

හෙට (17දා) පෙ.ව. 8.00 සිට ප.ව. 7.00 දක්වා පැය 11ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

ඒ විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයීම අත්හිටුවන බවට දන්වා ඇති බැවිනි.

ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දුන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අලුත්ගම දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශයන්හි ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.

Read more

Local News