අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Share

ඊයේ (17) පස්වරුවේ පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා 59 හැවිරිදි සූරියපුර – සමනල පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කන්තලේ – සූරියපුර ප්‍රදේශයේ කුඹුරුයායක වැඩ කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

එහිදී ඇතිවූ කම්පන තත්ත්වය නිසා තවත් පුද්ගලයෙකු කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read more

Local News