පොහොර වලට උපරිම මිල සඳහන් ගැසට් පත්‍රයක් – අමාත්‍ය මහින්ද අමරවීර

Share

පොහොර වෙළඳපොළේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන ලෙස තමන් කෘෂිකර්ම ලේකම්වරයාට උපදෙස් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගමේ සහ ලක්පොහොර සමාගමේ අද දින (18) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා මේ වන විට එම සමාගම විසින් පොහොර බෙදාහැරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග විමසීමට ලක් කළේ ය.

කොමර්ෂල් පොහොර සමාගම සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 25841 ක් ද ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 296350 ක් ද එම්.පී.ටී පොහොර මෙට්‍රික් ටොන් 754,000ක් ද ගබඩා කර තිබෙන බවත් ප්‍රාදේශීය ගබඩාවල පොහොර  මෙට්‍රික් ටොන් 14250 ක පොහොර තොග තිබෙන බවත් පොහොර සමාගම් ප්‍රධානීන් එහිදී ඇමැතිවරයාට දැනුම් දී ඇත.

මේ හැර අද දින තවත් පොහොර මෙ.ටො. 996 ක් ද, මේ මස 22 වන දින තවත් පොහොර මෙ.ටො. 742 ක් ද, 27 වන දින තවත් පොහොර මෙ.ටො. 4,637 ක් පමණ ද, මැයි මාසය අවසන් වන විට තවත් මෙ.ටො. 3,950 ක් සහ ලබන ජුනි 15 වන දින පොහොර මෙ.ටො. 5,800 ක් ද ලැබීමට නියමිත ය.

මෙවර යල කන්නය සඳහා කොමර්ෂල් පොහොර සමාගම මඟින් ආනයනය කරන ලද පොහොර ප්‍රමාණය මෙ.ටො. 22,125 කි. ඒ අනුව හිඟයකින් තොරව පොහොර ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කලමනාකාරීත්වයට දැනුම් දුන්නේ ය.

Read more

Local News