අගමැති ප්‍රධානත්වයෙන් නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ

Share

නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය 2018 සමාරම්භක අවස්ථාව ඊයේ (18) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති රංජිත් ගුණතිලක, මහලේකම් නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන් සහ ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

Read more

Local News