ලංකාවේ මසුන් සහ ආහාර කල් තබා ගැනීම සඳහා ජපානයේ CAS තාක්ෂණය – සභාපති NORIO OWADA

Share

ශ්‍රි ලංකාවේ මසුන් සහ ආහාර කල් තබා ගැනීම සඳහා ජපානයේ ABI සමාගමේ CAS තාක්ෂණය ලබා දීමට එම සමාගමේ සභාපති NORIO OWADA මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟත්වය පළ කර ඇත.

ජපානයේ ආහාර කල් තබා ගැනීම පිළිබඳ ප්‍රමුඛ ආයතනයක් වන ABI පුද්ගලික සමාගම විසින් 1989 දී ලොවට ප්‍රථම වරට මෙම තාක්ෂණය හඳුන්වා දී තිබේ.

CAS තාක්ෂණය යටතේ ආහාරවල සෛල සහ පටකවලට හානි නොවී පවත්වා ගැනීම සිදු කරන අතර එය සාමාන්‍ය ශීතකරණ ක්‍රියාවලියට වඩා හාත්පසින්ම වෙනස් විද්‍යානුකූල ක්‍රමයක් වේ.

Read more

Local News