හදිසි අපදාවකදී 117 අමතන්න – පැය 24 පුරා ක්‍රියාත්මකයි

Share

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අද (21) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ,

ගංඟාවල ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙසත්, නායයාම් ලක්ෂණ දුටුවහොත් වාහම එම ස්ථානවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙසයි.

තද වැසි අඛණ්ඩව ඇති වුණා. ගංගා ජල මට්ටම වැඩි වී තිබෙනවා. රත්නපුර කළුතර ප්‍රදේශවල පුද්ගලයන් ඉවත් කරමින් පවතිනවා. කැලණි ගඟේ ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා. ගිං ගඟේ ජල මට්ටම, තවලම ප්‍රදේශයේ වැඩි වෙමින් පවතිනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ගංවතුර අවදානමක් පෙනෙන්නට තිබෙනවා. පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම වැඩි වී තිබෙනවා. ජනතාවට සුරක්ෂිත ස්ථානවල රැදෙන්නට කියා ජනතාවට උපදෙස් ලබදුන්නා.

නායයාම් නිවේදන අඛණ්ඩව නිකුත් කරනු ලැබුවා. රත්නපුර, කළුතර, කෑගල්ල, නුවරඑළිය, මහනුවර යන දිස්ත්‍රික්කවල අවධානම් ප්‍රදේශවල, රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අවදානම් කලාපවල තවදුරටත් රැදී සිටින ජනතාව එම කලාප වලින් එවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

කැලණි හඟ සහ කළු ගඟ ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා. ජනතාව මේ පිළිබඳව විමසිලිමත් වන්න. ගංවතුර භාවිතයෙන්, දිය නෑමෙන් වළකින්න. අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑමෙන් වළකින්න.

අකුණු අනතුරු හේතුවෙන් මරණ තුනක් වාර්තා වුණා. අකුණු අනතුරු අවම කරගැනීමට සියලු ජනතාව පියවර ගත යුතුයි. නිවෙස් තුළ විද්‍යුත් පරිපථ විසන්ධි කොට ආරක්ෂිතව රැදී සිටීම වැදගත් වෙනවා. නායයාම් ලක්ෂණ දුටු වාහම ඉවත් වන්න. ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන්න. 117 දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මක බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.

Read more

Local News