නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙයි – මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීම තවදුරටත්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බවයි.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීම තවදුරටත් පවතිනු ඇත.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මි.මී.50 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News