මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දැඩි සුළගකින් මැයි මාර ගසක අත්තක් කඩා වැටී හින්දු කොවිලේ ගොඩනැගිල්ලකට දැඩි අලාභ හානි

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ හරහා අද (28) උදෑසන සිට හමා යන දැඩි සුළං තත්වයක් හේතුවෙන් මැයි මාර ගසක විශාල අත්තක් කඩා වැටිමෙන් හින්දු කොවිලේ ගොඩනැගිල්ලකට දැඩි අලාභ හානි සිදුවි අැති බව නොර්වුඩ් පොලිසිය පවසයි.

අද උදෑසන 8.30ට පමණ නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වෙන්චර් වතුයායේ හින්දු කොවිලටයි මෙම ගසේ අත්ත කඩාගෙන වැටි අැත්තේ.

මැයි මාර ගසේ අත්ත කඩා වැටෙන අවස්ථාවේ කොවිලේ කිසිවෙක් නොසිටි බවත්, අත්ත කඩා වැටිමෙන් කොවිලේ ගොඩනැගිල්ලකට දැඩි අලාභ හානි සිදුවි අැති බවයි නොර්වුඩ් පොලිසිය සදහන් කළේ.

 

Read more

Local News