සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් විශ්වීය සෞඛ්‍ය ඉළක්ක ජයගැනීමට හැකිය – සෞඛ්‍ය අැමති

Share

ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරයට සමගාමිව පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් විශ්වීය සෞඛ්‍ය ඉළක්ක ජයගැනීමට හැකි බවයි.

මෙම විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිධූරයට නිතරගයෙන් තෝරා පත් කර ගන්නා ලදි.

ඉන් පසු විධායක මණ්ඩල රැස්වීම ඇමතූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසිය.
මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිධූරයට තෝරා පත් කර ගැනීම තුලින් පිළිගැනිමක් සහ මා හට ගෞරවයක් ලැබී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කළාපීය අධ්‍යක්ෂවරිය දක්වන විශිෂ්ට නායකත්වය සහ දැක්මට මම ස්තූතිය පුද කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශිෂ්ටතම සේවාව සැපයිමට ඔවුන්ට හැකියාව තිබෙනවා. 71 වන වාර්ෂික සැසිවාරයේ දී රටවල් 192 ක් නියෝජනය කරමින් පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාව ආශ්‍රිත අත්දැකීම් මා විසින් ඉදිරිපත් කර තිබෙනවා. අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලගා කර ගන්න පුළුවන්. සාමූහික ක්‍රියාකාරීත්වය තුලින් ඉළක්ක ජයගැනීමේ හැකියාව තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීම සදහා එක්ව ක්‍රියාකරමු යැයි මම සියලු රටවලට ආරාධනා කරනවා.

Read more

Local News