පවුලේ සමාජිකයින් කපා කොටා බරපතළ තුවාල සිදු කර පුද්ගලයෙකු සියදිවි නසා ගනියි – මාස 6ක දරුවා මරුට

Share

බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව ප්‍රදේශයේ නිවසක ස්වාමි පුරුෂයා විසින් තම බිරිඳට, බිරිඳගේ මවට, පියාට හා ඔහුගේ කුඩා පිරිමි දරුවාට ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදු කර ඔහු ද නිවස ඉදිරිපිට සියදිවි හානි කර ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, අද (30) දහවල් 1.35 ට පමණ මෙම සිදුවීම වූ බවයි.
කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස 6 ක් වු කුඩා පිරිමි දරුවා මිය ගොස් තිබේ.
වයස අවුරුදු 24 ක් වු බිරිඳ, වයස අවුරුදු 42 ක් වු මව හා වයස අවුරුදු 62 ක් වු පියා බරපතළ තත්ත්වයෙන් කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම අපරාධය සිදුකළ පුද්ගලයා මාස 3ක පමණ කාලයක් නිවසින් බැහැරව සිට නැවත නිවසට පැමිණ මෙම අපරාධය සිදු කර ඔහුද අපරාධයෙන් පසුව එම ස්ථානයේ දීම සියදිවි හානි කර ගෙන තිබේ.
මරණකරුගේ මුහුණ ප්‍රදේශය හා හිස ප්‍රදේශය හඳුනාගත නොහැකි වන අයුරින් දැඩි ලෙස හානි වී ඇත. මොහු හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගී කර ගෙන මෙසේ සියදිවි නසා ගැනීමට ඇති බවට පොලීසිය සැකකරයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නොමැත.
බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read more

Local News