හෙට සිට දිවයින තුළ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

Share

පවතින කාලගුණ තත්වයේ සුළු වෙනසක් හෙට (01) සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමනිසා, හෙට සිට දිවයින තුළ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කල හැක. දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං තත්වය අද දිනය තුළදීත් බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල විටින් විට හමන පැ .කි.මී 50-60 දක්වා තද සුළං ද බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

Read more

Local News