ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2017 වසරේ දී කෝටි 200ක ලාභයක් උපයයි

Share

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2017 වසරේ දී කෝටි 200ක ලාභයක් උපයා ඇත.

2016 වසර වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ඩිපෝ 106න් ඩිපෝ 79කම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබූ අතර මණ්ඩලයේ මුළු ණය බර රුපියල් කෝටි 1500ක් වූ බවත් එහෙත් කාර්යක්ෂම කළමණාකරණය නිසා රුපියල් කෝටි 200ක ලාභයක් ලැබීමට හැකි වූ බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන ඇමති අශෝක් අබේසිංහ මහතා පවසයි.

සේවක වැටුප් ගෙවීම සඳහා දිගු කලක සිට භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන තිබුණ ද 2017 වර්ෂයේදී ශ්‍රී ලංගමය භාණ්ඩාගාරයෙන් සතයක්වත් ලබා ගෙන නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංගමයේ 36000ක් වු සේවක සංඛ්‍යාව 30000ක් දක්වා අඩු කරනු ලැබීය. ඒ සඳහා රුපියල් කෝටි 800ක මුදලක් සිය කැමැත්තෙන් විශ්‍රාම ගිය සේවකයන්ට වන්දි වශයෙන් ගෙවා ඇත. රියදුරන් හා කොන්දොස්තරවරුන් හැර වෙනත් කිසිදු සේවකයකු ශ්‍රී ලංගමයට බඳවා ගත්තේ නැත. ඔවුන් බඳවා ගන්නේ සේවා අවශ්‍යතාවය මත ඒ ඒ ඩිපෝව මගිනි. ඔවුන්ට වැටුප් ගෙවනු ලබන්නේද එම ඩිපෝ වල ආදායමිනි. තවද ලංගමය විසින් මගීන්ගේ පහසුව තකා රාත්‍රී ගමන් කරන මගීන් වෙනුවෙන් නිසි සැරියද ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව වෙනුවෙන් ගැමි සැරිය හා පාසල් සිසුන් වෙනුවෙන් සිසු සැරිය නමින් බස් සේවා පවත්වාගෙන යන බවද වැඩ බලන ඇමතිවරයා කීය.

Read more

Local News