ජුනි 05 වැනිදා නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජනාධිපති කාර්යාලයෙන් පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

මෙම ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත පසුගිය 25 වැනිදා දන්වා තිබේ.

පාර්ලිමේන්තුව මීළඟට රැස්වන ජුනි 05 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව නව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරාපත්කර ගැනීමට නියමිත බවද පාර්ලිමේන්තුව ප්‍රකාශ කළේය.

Read more

Local News