තරුණ කිරි ගොවි ව්‍යවසායකයන්ට රජයෙන් සහන ණය සහ පහසුකම්

Share

ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන මගින් ආරම්භ කොට ඇති තරුණ කිරි ගොවි ව්‍යවසායකයින් බිහිකිරිමේ ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ මධ්‍යම පලාතේ වයස අවුරුදු 40ට අඩු ව්‍යවසායකයින් සිය දෙනෙකු බඳවා ගැනීමට නියමිතයි.

මේ සඳහා මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පදිංචි අවම වශයෙන් කිරි දෙනුන් 10 දෙනෙකු සහිත ගොවිපොළක් ආරම්භ කිරීමට කැමැත්ත දක්වන, සුදුසු ඉඩම් සහ පහසුකම් සහිත ව්‍යවසායකයින්ට ජූනි 25 වනදා වීමට පෙර තමා පදිංචි ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල මගින් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වෙත අයදුම් කොට ලියාපදිංචි විය හැකි බව එම කාර්යාලය කියයි.

එසේ ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කොට ඔවුන් අතුරින් ව්‍යවසායකින් 100 දෙනෙකු තෝරු ගැනේ.

එසේ තෝරා ගනු ලබන ව්‍යවසායකයින්ට රාජ්‍ය බැංකු හරහා සහන ණය ලබා දෙන අතර කිරි ගව පාලනය පිළිබඳ පුහුණුවක් සහ උපදෙස්ද ලබා දෙනු ඇත.

Read more

Local News