ජනපති අරණායක නායයාමෙන් විපතට පත්වූවන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

Share

අරණායක නායයාමෙන් විපතට පත්වූවන් සඳහා මහජන චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස අරණායක, රුවන්දෙනිය ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ ඉදිකළ නිවාස සංකීර්ණය ඊයේ (04) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

එම පදිංචිකරුවන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු විමසීය.
තමන් පීඩාවට පත්වූ අවස්ථාවේ ඒ පිළිබඳ සොයා බලමින් ලබාදුන් හදිසි සහන පිළිබඳව සහ ඉතා ඉක්මණින් නව නිවසක පදිංචි වීමට අවස්ථාව සලසාදීම පිළිබඳව ද මෙහිදී මෙම ජනතාව ජනාධිපතිතුමා වෙත තම කෘතවේදිත්වය පළ කර සිටියේය.

Read more

Local News