බැදුම්කර වාර්තා ගැන සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීමෙන් පාර්ලිමේන්තුවටත් පොදුවේ රටටත් විශාල අපකීර්තියක් සිදු වෙනවා – කතානායක

Share

බැදුම්කර වර්තා සම්බන්ධව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අද (5) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,

භාණ්ඩාගාර බැදුම්කර විමර්ශන කොමිෂන් සභාවට අදාළ සමහර වාර්තා එළිදක්වා නොමැති බැවින් එම කරුණු  මුල්කර ගෙන සමාජයේ විවිධ අඳහස් නිකුත් වෙමින් පවති. සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පාර්ලිමේන්තුවටත් පොදුවේ රටටත් විශාල අපකීර්තියක් ඇති වී ඇත. එය ඉතා කණගාටුදායක සිද්ධියකි. මා වෙත අද දින, සී-350  සිට 360 දක්වා ලේඛන සමස්ත ලේඛනවල කොටසක් පමණක් ලැබී ඇති බැවින් අද දින පැවැත් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඒකමතිකව තීරණය කළ පරිදි සම්පූර්ණ ලේඛන ලැබුණු විගසම ඒවා සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දැන්වීමට කැමැත්තෙමි” යැයි කතනායක කරූ ජයසූරිය මහතා සභාව වෙත දැනුම් දුන්නේ ය.

Read more

Local News