ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ප්‍රවීන මාධ්‍යවේදී සහ රූපවාහිනි නිවේදක අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල පෞද්ගලික මල්ශාලාව වෙත අද (07) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ ක්ෂේත්‍රයේ සමීපතමයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.