“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතීන්” යන තේමාවෙන් තහනම් උත්තේජන ගැන සාකච්ඡා කෙරෙන අනතර්ජාතික සමුළුවක්

Share

Asia/ Oceania Inter Government Ministerial Meeting On Anti-Doping in Sort – 2018 සමුළුව මේ මස 18 සහ 19 දිනවලදී දින 02ක් පුරා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වේ.
මෙවර මෙම සමුළුව “ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතීන්” යන තේමාවෙන් යුතු ව පැවැත්වේ.
ශ්‍රී ලංකා උත්තේජන මර්දන නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලද මෙම සමුළුවේ දී ක්‍රීඩාවේ තහනම් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ සම්බන්ධීකරණය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා සැලසුම් කොට ඇත.
මෙම සමුළුවේ දී රටවල් 45ක් අතුරින් ශ්‍රී ලංකාව ඇතුළු ව රටවල් 28ක් තම ප්‍රගති වාර්තාවන් ඉදිරිපත් කිරීම තම දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම උත්තේජක මර්දනය සඳහා ක්‍රියාත්මක කළ හැකි නව ක්‍රමයන් පිළිබඳ සාකච්ඡා කිරීම සහ උත්තේජනය මර්දනය කිරීම සඳහා පදනමක් නිර්මාණය කිරීම එමගින් ආසියානු සමුද්‍රීය ශාන්තිකර කළාපය නියෝජනය කරන උත්තේජන මර්දන ආයතනයන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම වැනි කටයුතු වන නිරත වනු ඇත.

Read more

Local News