ඉදිරියේ දී ක්‍රීඩක ක්‍රීඩාකාවන් විදෙස්ගත වීමේදී අවසර ගැනීම අනිවාර්යය කරයි

Share

අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පළාත්  සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ,
ක්‍රීඩක ක්‍රීඩාකාවන් විදෙස්ගත වීමේදී තහනම් උත්තේජක මර්දක නියෝජිතායතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය අනිවාර්යය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.
ක්‍රීඩාව මෙන් ම රටේ කීර්තිනාමය ඉතා වැදගත් වන බව පෙන්වාදෙන අමාත්‍යවරයා එබැවින් මෙලෙස තහනම් උත්තේජක මර්දක නියෝජිතායතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය අනිවාර්යය කිරිමට කටයුතු කරන බවත් ඒ සඳහා එම ආයතනය වෙත අවශ්‍ය නීතිමය බලය ලබාදිය යුතු බවත් පෙන්වා දෙයි.

Read more

Local News