පළාත් කිහිපයකට අදත් වැසි – සුළං තත්ත්වය තවදුරටත්

Share

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය ජුනි මස 11 දින දක්වා පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇතැයි බලාපොරොත්තු  විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින හරහා විශේෂයෙන්, බස්නාහිර, දකුණු, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැක.

Read more

Local News