අද සිට පවතින සුළගේ වේගය අඩුවන ලකුණු

Share

දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළගේ වේගය අද (11) දින දක්වා පැවතිය හැකි අතර ඉන් පසුව සුළගේ වේගය ක්‍රමයෙන් අඩු වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින හරහා විශේෂයෙන්, බස්නාහිර, දකුණු, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇති විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවකියේ සඳහන් වෙයි.

Read more

Local News