‘ජූරාසික් වර්ල්ඩ්’ දෙවැන්න ශ්‍රී ලංකාවේ

Share

ජුනි මස 07 වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය වන ‘ජුරාසික් වර්ල්ඩ් – ෆැලොන් කිංඩම්’ චිත්‍රපටය EAP සිනමා ශාලා හරහා ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. 2015 වසරේදී අති සාර්ථකව තිරගත වූ ‘ජුරාසික් වර්ල්ඩ්’ පළමු චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 1700කට ආසන්න ආදායමක් උපයා ගන්නට සමත් විය.

මේ නිසාම මෙහි දෙවැන්නද නිර්මාණය කරන්නට යෙදී ඇති අතර, පළමු චිත්‍රපටයේද අත්හැර දැමු ‘ජුරාසික්’ උද්‍යානය තුළ නැවත වරක් සංචාරය කරන්නට යන කණ්ඩායමක් පිළිබඳව මෙහි කතාව දිගහැරේ. සුපිරි පරිදි ක්‍රිස් ප්‍රිට් හා බ්‍රේයිස් ඩලස් හෙවාර්ඩ් යන දෙදෙනා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.

source: saaravita.lk

Read more

Local News