ජනපති මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊ‌යේ (13) පුත්තලම දිස්තික්කයේ මොහොට්ටුවාරම ග්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මොහොට්ටුවාරම සිංහල මහා විද්‍යාලයේ දී ගොවි ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටලු පිළිබදව ද අවධානය යොමු කළේය.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මගින් මොහොට්ටුවාරම ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා නිකුත් කරන ප්‍රතිපාදනවල පළමු වාරිකය නිදහස් කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය.
පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාගයක් ද සිදු කෙරිණි.

Read more

Local News