විද‌ේශ ගිනි අවියක් සමඟ යුද හමුදා සෙබළුන් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ නීති විරෝධීව විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ලග තබාගත් බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ය.

සැකකරුවන් සතුව තිබී මිලිමීටර 09 වර්ගයේ පිස්තොලයක්, හිස් පතොරොම් ගැබක් සොයාගෙන ඇත.

සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News