ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධිවර වරායේ ඉදිකිරීම් ඉතාමත් කෙටි කාලයක් තුළ ආරම්භ ක‌ෙ‌‌රේ

Share

මෙරට ඉදිකිරීමට යෝජිත බහුකාර්ය ධීවර වාරයන්වල ප්‍රථම බහුකාර්ය ධිවර වරායේ ඉදිකිරීම් ඉතාමත් කෙටි කාලයක් තුළ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

කොරියාවේ ධිවර හා සාගර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායම සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණි.

සිදුකෙරෙමින් පවතින ශක්‍යතා අධ්‍යනය පිළිබඳව මෙන්ම වරායන් හි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක් විය.

ඒ අනුව 2019 වසරේ මුල් මාස කීපය ඇතුලත උඩප්පුව හෝ ඩෙල්ෆ් යන බහුකාර්ය ධිවර වරායන් දෙකෙන් එකක ඉදිකිරීම් ආරම්භ කළ හැකි බව කොරියාවේ ධිවර සහ සාගර අමාත්‍යංශයේ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී .

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කොරියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස චලෙයි, ඩෙල්ෆ්, මාදගල් සහ උඩප්පුව ප්‍රදේශ සඳහා සංචාරක, ධිවර මෙන්ම වාණිජමය මෙහෙයුම් කටයුතු වෙනුවෙන් බහුකාර්ය ධිවර වරායන් 04 ක් සඳහා සියලු උපදෙස්, සැලසුම් මෙන්ම සහන ණය ආධාර ලබාදීමටද කොරියාව කැමැත්ත පළ කර තිබේ.

ඒ යටතේ අදාළ බහුකාර්ය ධිවර වරායන් 04 ට ම අදාළ මුලික ශක්‍යතා අධ්‍යනය නොමිලේ සිදුකර දීමට ද කොරියාව ඉදිරිපත් වී ඇති අතර එම ශක්‍යතා අධ්‍යනය ලබන ඔක්තෝබර් මස අවසන් වීමටද නියමිතය.

Read more

Local News