මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් – මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක

Share

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැක.

පුත්තලම සිට මන්නාරම දක්වාත්, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වාත් එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

Read more

Local News