පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි

Share

පොසොන් පුර පසළොස්වක පෝය දිනය අද (27) යි.

 

පොසොන් පොහොය මිහිඳු මහරහතන්වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවුණේ අදවන් පොසොන් පොහොය දිනයකදී ය.

දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදුවුණෙත් පොසොන් පෝහොය දාය.

නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් දවසේ සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.

Read more

Local News